සිත් බැඳීම


දිනෙක ඔබ මා දෙනෙත් ගැටුනද
මුවින් නෙක නෙක වදන් බැදුනද
සිනා මල් අප මුවග රැදුනද
නොසිතුවෙමි ඔබ මගේ සද බව

දවස් සති හා මාස ගෙවුනා
අපේ මිතුදම හොදින් වැඩුනා
දවස ඇරඹුම සිට ගෙවෙන තුරු
ඔබේ රුව මා හෙද් මැවුනා

නොහැකි විය ඔබ නොදැක ඉන්නට
අවැසි විය ඔබෙ මිහිරි රාවය
පවස නිවනා දිය බිදක් ලෙස
ඔබ නිවාලයි හඳේ දාහය

මට හැෙගයි මා ඔබෙයි යන වග
නොමසිතෙයි එය ඔබට කීමට
නොදැන එය ඔබ මවෙත එන විට
දෙනෙත බොදවෙයි මටත් නොදැනිම

ප‍්‍රිය සබද ඔබ දැන් මගේමය
නොහැක දැන් එය වෙනස් කෙරුමට
මගේ දිවියේ දිනුම සමගම
දිනාගමි ඔබ මගේ දිවියට

No comments:

Post a Comment