
නෙක නෙක වදන් ගලපා හඩ අවදි කළ
දෙ ඇසේ තෙදින් මා හදවත පුබුදු කළ
හැකි බව කියා මා සිත තුළ සවිය බල
දුන්නේ නුබයි නිරතුරු මා ඇඳුරු සද
විටකදි සැරව මා හට දුන් බැනුම් වැසී
හදවත දවාලා උපදයි කදුඵ වැසී
මා නෙත උපන් ක`දුළක් දුටු සදෙහි නිතී
ඔබෙ නෙත තෙමුනෙ කෙලෙසද මට කියන් සකී
සම වයසක සිටියත් අප දෙදෙනාම
ඔබ වියතෙක්ය සවිබල ඔදතෙද ගාව
ඒ බව සිතේ රුදුණෙන් මා ඔබ ගාව
මුවැත්තියක ලෙස සිටියා හැමදාම
නොහැකිය අසීරුය කියලා කිව්වාම
සැමවිට සිනාසී ළංවී මා ගාව
හි`දගෙන කීවේ හැකිබවමයි හැමදේම
ඹබ දුන් සවිය තවමත් ඇත මා ගාව
මා දිවියේ ගුත්තිල වු ඇදුරු ඹබ
ගුරු මුෂ්ටියක් නොතිබුනි ඔබ හදේ කොන
ඒ බව දත් නිසා කිසිදා ඔබට සම
මූසිලයෙකු නොවේ මා මගෙ ඇදුරු සද
දිනසති ගෙවී ගියමුත් එය සිතේ නැතී
අදටත් ළංව ගුරුහරුකම් දෙන්නෙ නිතී
ඔබ කළ මෙහෙය හින්දා මම මෙතන ඇතී
පුදදෙමි සදා හද ගැඹරේ පතුලෙ රැුදී
No comments:
Post a Comment