අතීත මතකය




හුදකලාවක තැවෙන මොහොතක
ඈත කොනකින් ඇසෙන ගීයක
තනුව මහඳේ රුව්දෙනා විට
ඔබේ මතකය දවයි හදගැබ

කෙලෙස සිතුවත් එපා යැයි ඔබ
එපා නොමවෙයි මෙමා හට ඔබ
දැන දැනත් ඔබ අහිමි වන බව
කුමට ඔබ මාගෙයි සිතන්නද

මගේ මතකය අතීතය වෙත
දුවගොසින්  එහි නතර වූ විට
මගේ නෙත් ඉදිරියෙ මැවෙන්නේ
අපේ මතකයෙ සමරු සටහන

විටෙක කදුළත්, සිනහවත් මැද
මා අතරමං වී ඉදින විට
කෙළෙස අමතක කර දමන්නද
අපේ ඒ පෙම් සමරු සටහන

අතීතයෙ සුන්දර දවස්වල
සිනාකැන් මුව සරසනා විට
මගේ නෙත් දෙස බලාසිටි ඔබ
නිබ`ද කීවේ ඔබ මගේ බව

අතීතයේ සුන්දර දවස්වල
අප දෙදෙනා ළංවී සිටින විට
මගේ ඇසුරෙන් වෙන්ව යන්නට
නොහැකියැයි ඔබ කීව මතකද

දැන දැනත් මා අහිමි වන බව
සතුට සැනෙකින් දුකක්වන බව
වසංකර ඒ සත්‍ය මා හට
ළං වුනේ ඇයි මෙමා හට ඔබ

එදා අපගේ සොඳුරු සිහිනය
වසාගෙන ආ කඵ වළාවට
හැකිවුවත් අප බිය කරන්නට
හැකිවේද අප සිත් බි`දින්නට

විශ්වයම එක් වී යම් දිනක
නැගී සිටියද අපට එරෙහිව
සසර ගමනෙදි බැදුණු අප සිත්
නොහැකිවෙයි වෙන්කර දමන්නට

ගතින් ළංවී සිටින්නට අද
නොමැත අවසර අප දෙදෙන හට
ගතින් වෙන්වී සිතින් ළංවී
සිටිමු අපි මියෙනා තුරාවට

දෛවයේ සරදම් ලබන්නට
එක් වුනෙමු අපි ඈත දිනයක
දෛවයේ සරදම් නසන්නට
හැකිවේවි අප අපේ වූ දින

කොතෙක් කදුළැලි දෑස තෙමුවද
කොතෙක් සීමා පවුරු බැදුණද
අප පැතූ ඒ අපේ ලෝකය
යම් දිනක අපහට ලැබෙනු ඇත

No comments:

Post a Comment