පවනසේ විත් මගේ හඳ ගැබ අවුල්කරගිය හිමියනේ.....
එදා බැදි ඒ අමිල සෙනෙහස හිත්කොනේ ඇත ඔබ කෙරේ.....
දුරින් හිදගෙන සුවද වින්ද ද ළගට ළංවනු බැරි දිනේ.....
ඔබේ හසකැන් දෙස බලා මම දිවි ගෙවන්නෙමි අද දිනේ.....
දෙනෙත් තෙත්කර කදුලූ පිරුණද අපට අප අහිමි වු දිනේ.....
ඒ දුකම අද හිත් කොනේ ඇත නමුදු කදුළක් නෑ නෙතේ.....
ඉකුත් තෙවසර ගෙවා දැමුවේ ඔබේ මතකය මැද අනේ.....
ඔබව අහිමි වු ලොවක මා අද තනිව ඇත සගවා සෙනේ.....
එදා මා වෙත රැුන්දු සෙනෙහේ අදත් ඇත ඔබෙ නෙතු විලේ.....
මුවින් නොදෙඩූ ඔබේ ආලය තවම මගෙමයි හිමියනේ.....
ඔබේ සෙනෙහස පවුරුබැද මා වටා එක්රොක් කරමිනේ.....
නුහුරු ලොව තුළ මාව තනිකොට ගියේ ඇයි ස`ගවා සෙනේ.....
සදක් වී ඔබ නැගෙන විටදී සිසල වින්දෙමි මම එදා.....
එහෙත් කිසිදින සිතුනෙ නෑ මට අමාවක ළග එයි කියා.....
නිහඩ නිසසල නොනිමි ආලය ඔබට මම පුදකළ නිසා.....
දුක් සුසුම් මැද ළතැවෙන්න මම නොපැතුවෙමි මේ ලෙස එදා.....
දුකද, සතුටද සමව විදගෙන අපි අපේ වී සිටි දිනේ.....
සමුදුරක ඇති ගැඹුරුබව ඔබ පුද කරපු සෙනෙහේ ඇතේ.....
සංසාරගත ළබැදි සෙනෙහස බි`දදමන්නට බැරි වුනේ.....
සසර සරනා තුරා අප අපෙ නිසා දෝ මගෙ හිමියනේ.....

No comments:
Post a Comment