හඳුනාගත්තොත් ඔබ මා



දෙනෙත් ඉදිරියෙ මැවෙන ඔබෙරුව
පමණි මාගේ පැතුම වුයේ..........
ඔබේ සුවදට පමණි මා සිත
ලොල්වෙලා ආදරය කෙරුවේ..........
ඔබේ සෙනෙහස දයාබර ලෙස
වි`දින්නයි මා ආස කෙරුවේ..........
අනේ නෑ මම කිසිම දවසක
වෙනත් කෙනෙකුගෙ පහස පැතුවේ..........

සිත රිදුනවිට ඔබට පමණයි
දෙනෙත් කදුළැලි පිරිනැමුවේ..........
දුකද, සැපතද දෙකම එකලෙස
ඔබත් සමගයි බෙදා ගත්තේ..........
හදෙහි ගැඹුරෙහි ප‍්‍රථම පේ‍්‍රමය
ඔබේ නමිනුයි උපත ලැබුවේ..........
වෙනත් අය මට පෙම් කළත් නැහැ
මගේ සිත ඔබගෙන් මිදෙන්නේ..........

නුබේ හදවත ගැහෙන රාවය
හදුනගන්නයි වෙහෙසවූයේ..........
නුබේ සුසුමෙන් දැනෙන උණුසුම
නිබද මා හට අවැසි වූයේ..........
දවස ඇරඹුම සිට ගෙවෙනතුරු
ඔබම පමණයි සිතේ රැඳුනේ..........
ඔබෙන් තොරවු ලෝකයක් නැහැ
කිසිම දවසක මා පතන්නේ..........

No comments:

Post a Comment