සිනහ ගගුලේ කිමිදුනා අපි
අපේ වී හරි නිදහසේ
බොළද වදනින් හැඩකලා අප
දෙහද බැන්දු ආදරේ
දුකද සැපතද එක ලෙසත්
අපි වින්දෙ ළංවී සිතුලෙසේ
රහසේ බැදි පෙම එළිවෙලා
දැන් දුක් විදින්නේ ඇයි මෙසේ..........
දෙදෙන ළංවී, දෙනෙත් එක්වී
දෙඩුවදන් අද ගොලූවෙලා
සුමුදු පහසේ පැටලී තිබූ අපෙ
දෙඅත් ඇයි මේ තනිවෙලා
සුපුන් සදසේ දිළෙන අපෙ පෙම
කඵ වලාවට යටවෙලා
එහෙත් කම් නැත දෙදෙන ඉවසමු
පාවයනතුරු කඵවලා..........

No comments:
Post a Comment